ඔක්සිජන් අධිශෝෂක යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයට ලංසු තැබූ අඩු මිල සමාගම් ඉවත්කොට, වැඩි මිල සමාගමට අවස්ථාව ලබා දීම සදහා සෞඛ්‍ය අතිරේඛ ලේකම්වරයෙකු උත්සාහ කරමින් සිටින බව සෞඛ්‍ය විද්වත් වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
මෙම අධිශෝෂක යන්ත්‍රවල උපරිම පවිත්‍රතා ධාරිතාව 93% බවත්, එය අගයන් දෙකක අඩු වැඩිවීමක් විය හැකි බවත් දක්වා තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා ඊට 95%ක පිරිසිදු බවක් ඉල්ලීම මගින්, එක් යන්ත්‍රයකින් මිලියන දෙසීයකට වඩා වැඩි පාඩුවක් වී ඇතැයි ඔහු පවසයි.
ඒ සදහා 93 + (එකතු කිරීම) හෝ - (අඩු කිරීම) යන නිර්දේශයෙන් අඩු කිරීම ඉවත් කර, තාක්ෂණික නොමග යැවීමක් කර ඇති බවත් NATO සංවිධානයේද නිර්දේශය එයම වන අතර, ලංකාවේ සෞඛ්‍ය අතිරේඛ ලේකම් වරයාගේ ප්‍රමිතිය ඊටත් වඩා ඉහල අගයක් ගැනීම ජනතාවට ලැබෙන කොලිටිය කිසිසේත්ම අදාල නොවන, තමන්ගේ මඩිය තර කර ගන්නා එකක් බවත් ඔහු පෙන්වා දෙයි.
ඒ අනූව ලෝක බැංකුව මගින් අරමුදල මගින් එකී යන්ත්‍ර දෙකක් සහ ආසියානු සංවර්ධන අරමුදල මගින් යන්ත්‍ර 7ක් මිලදී ගැනීමට නියමිත වන අතර, එම යන්ත්‍ර සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැරීමට සිදුවන පාඩුව රුපියල් මිලියන 800ක් පමණ වේ.