ADA

  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
ada.lk polythene free tomorrow​
Ada_logo

www.ada.lk

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Ada_logo
  • HOME (current)
  • LATEST NEWS
  • OPINION
  • WOMEN
  • TECHNOLOGY
  • BUSINESS
  • RELIGION
  • INTERNATIONAL
  • SAARAVITA
  • SPORTS
  • E-PAPER

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

  1. Home
  2. Latest News

සෞඛ්‍ය අංශයේ ප්‍රතිපත්තිවල වෙනසක් ඉක්මනින් අවශ්‍යයි - ජනපති

- 4 09 2022 - 19:05 - {{hitsCtrl.values.hits}} views - ..

සෞඛ්‍ය අංශයේ ප්‍රතිපත්තිවල වෙනසක් ඉක්මනින් අවශ්‍ය බන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ජනපති අතර පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

එසේම මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේ දි සිදු විය.

ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව සමනය කිරීමට කඩිනම් ක්‍රමවේදයක් අවශ්‍ය බව එහිදී  අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඖෂධ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවත්නා අනෙකුත් අවශ්‍යතා පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන සමග සාකච්ඡා කරන බව ද පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ආදී ආයතන අතර සම්බන්ධීකරණයේ දී පවතින අඩු පාඩු අදාළ කමිටු වාර්තාව මගින් හඳුනාගෙන තිබේ. එබැවින් සෞඛ්‍යය අමාත්‍යාංශය මගින් සම්බන්ධීකරණ කමිටුවක් පත් කර, මාසික ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ද එම වාර්තාවෙන් යෝජනා කර ඇත.

පසුගිය අවුරුදු කිහිපයේ දී විගණකාධිපති වාර්තා නිර්දේශ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග අවම වීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා පසුගිය අවුරුදු පහ ඇතුළත ඉදිරිපත් කරන ලද විගණකාධිපති නිර්දේශ පිළිබඳ අධ්‍යයනයට තාක්ෂණික කමිටුවක් පත් කිරීමට ද කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

ඖෂධ සඳහා රජය දරනු ලබන මුදලින් 40%කට ආසන්න ප්‍රමාණයක් වෙන් කෙරෙන්නේ පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සපයා ගැනීමටයි. පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධවල මෙන්ම ඉන්සියුලින් හිඟයක් ද පවතින අතර එම ගැටලුව කඩිනමන් නිරාකරණය කර ගැනීමට පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙන්වා දුන්හ.

 
    follow-on-Instagrame follow-on-facebook follow-on-Youtube follow-on-Twitter

 
  • POLITICS
  • 0 Comments

popular news

මොජ්ටාබා කමේනි යනු කවරෙක්ද?

Monday / 9 / 2026 2228

යටත් වෙන්නේ නෑ, අවසානය දක්වා සටන් කරනවා

Saturday / 7 / 2026 1446

ඔස්ලෝ හි එක්සත් ජනපද තානාපති කාර්යායේ පිපිරිමක්

Sunday / 8 / 2026 998

ඉරාන ප්‍රධාන ගුවන් තොටුපොළකට ප්‍රහාරයක්

Saturday / 7 / 2026 993

ඉරාන නාවිකයන් මිය යාමට හේතු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි

Friday / 6 / 2026 983

ජනපති දැඩි මානසික ආතතියක

Thursday / 5 / 2026 863

ඔබේ අදහස් එවන්න.

ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

Reply To:

Eranda - cb chds hcdsh cdshcsdchdhd

WWW.ADA.LK

Ada_logo

Ada Sections

Latest News | Women | Videos | Business | Sports | Saravita | Opinion | Middle East | International | Technology | Pilisarana |

Our Group Sites

Lankadeepa | Dailymirror | Tamilmirror | Sunday Times | Daily FT | Ada | Deshaya | Hitv | Mirror Citizen | WNOW | Lanka Women | Wijeya |

Contact Us

Editorial : +94 011 247 9642,
+94 011 247 9671

Technical : +94 011 538 3437
Marketing : +94 011 538 3439
Web Master : [email protected]
  • WNL Home
  • Home Delivery
  • Advertise With Us
  • Feedback
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.
ad space