සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවන වෙළෙඳුන් සහතික කිරීමට වැඩපිළිවෙළක්
සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවන වෙළෙඳුන් හඳුනාගෙන ඔවුන් සහතික කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ මහතා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ඊයේ (20) වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
පලතුරු ගොවීන්, අතරමැදි වෙළෙඳුන්, අලෙවිසැල් හිමියන් සහ සුපිරි වෙළෙඳසැල් ජාල ඇතුළු සියලු පාර්ශ්ව දැනුවත් කර, වස විසෙන් තොර පලතුරු නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය දිරිමත් කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වාදී ඇත.
මූලික අදියරේදී පලතුරු නිෂ්පාදකයින් කිහිපදෙනෙකු හඳුනාගෙන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය ඇතුළු ආයතනවල තාක්ෂණික සහාය ලබාදී ආදර්ශ පලතුරු ඉදවීමේ කුටි ස්ථාපිත කිරීමටද තීරණය කර තිබේ.
එමෙන්ම වෙළෙඳපොළේ පලතුරුවල රසායනික ශේෂ කෙටි කාලයකින් හඳුනාගැනීම සඳහා ක්ෂණික පරීක්ෂණ කට්ටල ලබාගැනීමටත්, SLS 1767 සහ GMP ප්‍රමිතීන්ට අනුකූල වෙළෙඳුන් සඳහා විශේෂ සහතිකයක් ලබාදීමටත් අවධානය යොමු වී ඇත.
එතිලීන් වායුව භාවිත කරන සුරක්ෂිත ඉදවීමේ කුටි සඳහා ප්රමිතීන් සකස් කිරීම සහ HARTI, ITI හා SLSI එක්ව වෙළෙඳුන් පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ පසු අස්වනු හානිය අවම කරමින් පාරිභෝගිකයින්ට සෞඛ්යාරක්ෂිත, වස විසෙන් තොර පලතුරු ලබාදීමයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
