සෞඛ්‍යයේ විදේශ ව්‍යාපෘති 22කට විගනකාධිපතිට විගණයනය කරන්න බෑ
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පසුගිය වසර හතරක (2021-2024) කාලය තුලදි ක්‍රියාත්මක කරණු ලැබු විදේශ ආධාර ව්‍යාපෘති 22ක් සදහා රුපියල් මිලියන 22,045.07ක මුදලක් වැයකොට ඇතත් එකි ව්‍යාපෘති සම්බන්දයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයා වෙත ප්‍රතිපාදන නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම විදේශ ආධාර ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් අනුව විගණකාධිපතිවරයා ව්‍යාපෘති විගණක ලෙස නිශ්චිතව හදුනාගෙන නොමැති බැවින් ව්‍යාපෘති සම්බන්දයෙන් විගණනයක් සිදුකර විගණන වාර්තා නිකුත් කිරිමට විගණකාධිපතිවරයා නොහැකිවි තිබුණි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය විෂයයන් යටතේ මෙම විදේශ ආධාර ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 52,086.35ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

