සෞඛ්‍යයට ඉන්ධන ගැනීමට සිකුරාදා වෙන් කිරීම පුස් තීරණයක්
සෞඛ්‍යයට ඉන්ධන ලබා දෙන දිනය සිකුරාදා ලෙස වෙන් කරමින් ඛනිජ තෙල් අමාත්‍යවරයා ගනු ලැබූ පුස් තීරණයත් සමග එක් ලක්ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය සේවකයින් ඉන්ධන පිරවුම්හල් වටා රොක් වූ කළ රෝහල් වල තනිවන රෝගීන්ට අබ සරණයි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
එමෙන්ම ඇමතිගේ තීරණයත් සමග පනස් දහසක් පමණ වන ප්‍රවාහන පහසුකම් හෝ දීමනා හිමි නැති සුළු සේවකයින් ද ඉන්ධන පිරහුම් හල් පෝලිම් වලට එක් වූ විට වෛද්‍යවරුන්ටද අබ සරණම පමණක් යැයි ඒ මහතා පැවසීය.
සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙම අදහස් පළ කරනු ලැබූයේ සිකුරාදා දිනය සෞඛ්‍ය ක්ෂේත්රයට වෙන් කළ ඉන්ධන ලබා ගැනීමේ දිනය ලෙස වෙන් කිරීමට කාංචන විජේසේකර අමාත්‍යවරයා ගනුලැබූ තීරණය පිළිබඳ අද (23දා) අදහස් දක්වමිනි.
එහිදී වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ලංකාව පුරා පිරවුම්හල් හැත්ත හතරක් මේ සඳහා වෙන් කර තිබුණද සියයට හැටක සෞඛ්‍ය වෟතිකයන් සේවයේ නියුතු රෝහල් පවතින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ බවයි.
එවැනි තත්ත්වයක් යටතේ සෞඛ්‍ය සේවයේ නියැලෙන පුද්ගලයන් සියයට හැටක පිරිසකට ඉන්ධන ලබා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කය තුළ වෙන් කොට ඇති ඉන්ධන පිරවුම්හල් ගණන තිහක් බව ඒ මහතා පැවසීය.
ඒ අනුව කොළඹ සිටින සෞඛ්‍ය සේවයේ පිරිස් එක් පිරවුම්හලකට පිරිසක් වන ලෙස බෙදා වෙන් කලහොත් එක් පිරවුම් හලකකින් දෙදහස් පන්සියයක පමණ පිරිසකට සේවය සැලසීමට ඉන්දනහල්වලට සිදුවන බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසීය
ඒ අනුව එක් අයෙකුට ඉන්ධන ලබා දීමට වෙන් වන කාලය විනාඩි 5 බැගින් ගත්තද වැඩි කාලයක් සෞඛ්‍ය ක්ෂේත්රයේ නිරත පිරිසට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන බව ඒ මහතා පැවැසීය.
ඇතැම් දිස්ත්‍රික්ක පිළිබඳ අවධානය යොමු කිරීමේදී එම දිස්ත්‍රික්ක වල වෙන් කොට ඇත්තේ ඉන්ධන පිරවුම්හල් තුනක් වන ලෙස බව සඳහන් කළ වෛද්‍යවරයා එසේ වෙන් කරනු ලැබූ ඉන්ධන පිරවුම් හලක් සොයා ගෙන යෑමට ලබා ගන්නවාට වඩා ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට වෛද්‍යවරුන්ට සිදුවන බවද ඒ මහතා පැවසීය.
කෙසේ වුවද හෙට දිනයේ රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවට ආදේශක කාර්ය මණ්ඩලය ලෙස ඛනිජ තෙල් අමාත්‍යවරයාට ඉන්ධන පිරහුම් හල්වල සේවකයින් යැවීමට වුවද සිදුවිය හැකි බව වෛද්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රරවාහන දීමනා හිමි නැති සුලු සේවකයින් මෙන්ම පොදු ප්‍රවාහන සේවයක් වල සේවාවට වාර්තා වන පිරිසක් ද සිටින බව සඳහන් කළ වෛද්‍යවරයා මෙවන් අවස්ථාවක එවැනි සේවකයින්ද පිරවුම්හල් පෝලිම් වලට එකතු විය හැකි බව පැවසීය.
එවැනි තත්වයක් උද්ගත වුවහොත් සුළු සේවකයාගේ සිට වෛද්‍යවරයා දක්වා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඉන්ධන පිරවුම්හල් අසල එක්රොක් වීම හේතුවෙන් රෝහලේ තත්ත්වය දැඩිව අනතුරුදායක වියහැකි බව ඔහු පැවසීය.
මෙවන් අවස්ථාවක විහිලු සහගත තීන්දු තීරණ වෙනුවට වගකීම් සහගත සැලැසුම් සහගත තීන්දුවකට යෑම ඉතා වැදගත් බව ඔහු පැවසීය.
එසේ නොවුණහොත් ඉන්ධන ගැටලුවටලුව මෙන්ධන රෝහල්වල උද්ගත වන විවිධ ගැටලු රටේ ජනතාව තවත් පීඩාවට පත්වීමට හේතුවක් වියහැකි බව සඳහන් කල වෛද්‍යවරයා එය පුස් තීරණයක් පමණක් ම වන බව පැවසීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

popular news
-
Anurudda Thursday, 23 June 2022 03:08 PM
Health department staff doesn't need fuel they can use public transport or bicycles if it is not agreeable they can resign and stay at home
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

