සෞඛ්‍යයට අලුතින් 1,444ක්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ 4ක ක්ෂේත්‍ර 14ක් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය ලබන අගෝස්තු මස 01 වැනි දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහි දී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන සෞඛ්‍ය වෘත්තීය සේවාවන්ට අයත් වෘත්තිකයින් 1,444 දෙනෙකු සඳහා පත්වීම් ප්රදානය කිරීමට නියමිතය.
කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා ඛණ්ඩය යටතේ
Ø වෛද්‍ය සැපයීම් සහකාර 06
Ø වාට්ටු ලිපිකරු 50
Ø නිවාස පාලක/පාලිකා 37
ප්‍රාථමික ශිල්පීය සේවා ගණය යටතේ
Ø සෞඛ්‍ය රියදුරු 07
Ø රෝහල් ඕවර්සියර් 121
ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය යටතේ
Ø සංචාරක බංගලා භාරකරු 03
Ø පෝක් ලිෆ්ට් යන්ත්‍ර ක්‍රියාකරු 07
Ø කරණවෑමි 01
Ø විකලාංග කාර්මික සහායක 37
Ø ජලනල කාර්මික 31
Ø මැහුම් ක්‍රියාකරු 64
Ø අරක්කැමි 144
ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය යටතේ
Ø සෞඛ්‍ය කාර්ය සහායක 651
Ø ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක 285
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

