සෝයා බෝංචි හා තෙල් භෝග වගාවට චීනය අක්කර ලක්ෂ 16ක් වෙන් කරයි
මෙම වසරේ සෝයාබෝංචි සහ තෙල් බෝග වගාබිම්වල වපසරිය පුළුල් කර, අස්වැන්න සහ ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ බලධාරීහු පවසති. එම බෝග සඳහා අලුතින් එක්කෙරෙන වගාබිම් ප්‍රමාණය අක්කර 16 ලක්ෂ පනස්දහස ඉක්මවනු ඇත.
මේ කරුණු අනාවරණය කෙරුණේ, චීනයේ පළමු කාර්තුවේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳව පැවති මාධ්‍ය හමුවක දී ය. එය, චීන රාජ්‍ය තොරතුරු කාර්යාලය විසින් පවත්වනු ලැබිණ.
මෙම වසරේ ප්‍රධාන ධාන්‍ය සහ තෙල්බෝග සඳහා මහා පරිමාණ ඒකක අස්වැන්න වැඩිදියුණු කිරීමට ද, චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ක්‍රියාකරනු ඇත. මේ යටතේ, සෝයාබෝංචි වගාකෙරෙන ප්‍රධාන කෝරළ 100 ක් කෙරෙහි අවධානය යොමුකෙරේ. ඒ අනුව, මේ වසරේ රට පුරා සෝයාබෝංචි අස්වැන්න සෑම අක්කරයකටම කිලෝග්‍රෑම් 30 කින් වැඩිකිරීම අපේක්ෂිත ඉලක්කයයි.
අරෝෂා සමරදිවාකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
