ඇල්ල ප්රදේශයේ සංචාරක හෝටලයක කැඩී තිබූ භාණ්ඩ ගෙන යන විදුලි සෝපානයක් අලුත් වැඩියාවට ගිය පුද්ගලයෙකු අද (03) සවස ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජ මනමේන්ද්රලාගේ අනුර ධර්මසිරි නමැති 55 වියැති පුද්ගලයකු බවද පොලිසිය කියයි.
ඇල්ල පස්සර පාරේ හෝටලයක බඩු ප්රවාහනය කිරීම සඳහා සකස් කර තිබූ විදුලි සෝපානයක් ක්රියා විරහිත වී තිබී ඇති අතර එය අලුත් වැඩියා කරමින් සිටියදී පහළට බැස යාමේ අවස්ථාවේ එක් වරම පහළට ඇද වැටී ඔහු බරපතල තුවාල ලබා රෝහලට ගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්වී පත් වී තිබේ. ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.