ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රැඳවුම් නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශයේ රඳවාගෙන විමර්ශන සිදුකරනු ලබයි.
විමර්ශන නිලධාරින් විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත 2026.06.02 වන දින දහවල් මාදම්පිටිය ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් , එම මැගසිනයක්, මිලිමීටර් 09 වර්ගයේ පතරොම් 04 ක්, මෙරට නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක්, මිලිමීටර් 09 වර්ගයේ මැගසින් 01 ක්, 7.6 mm පතරොම් 03 ක් සොයාගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.