කොටහේන 06 වන පටුමගෙ පලතුරු වෙළඳසලක පලතුරු සොරකම් කිරීමට පැමිණි පුද්ගලයෙකු එල්ලකළ කළ පිහි පාරකින් වෙළඳප්සැල් හිමියා මියගොස් ඇතැයි කොටහේන පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු ඊයේ (18) රාත්රියේ වෙළෙඳ සලට පැමිණ පලතුරු සොරකම් කරමින් සිටියදී හිමිකරු එය දැක ඔහු අල්ලා ගැනීමට තැත්කිරීමේදී මෙලෙස බෙල්ලට පිහියෙන් ඇන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ වෙළඳසැල් හිමියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.