සොරා ගත් යතුරුපැදි වලින් ගොස් වෙළඳසැල් බිඳ දේපල සොරා ගැනීමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
එම සැකකරුවන් එලෙස සොරා ගෙන තිබු ගෙන තිබූ යතුරුපැදි දෙක සහ රුපියල් පනස් දහසක් පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය මෙන්ම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 380ක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරලස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ ජි විජේරත්න මහතාගේ උපදෙස් මත බොරලැස්ගමුව නගරය ආසන්නයේ යොදා තිබූ මාර්ග බාධකය හරහා යතුරුපැදියකින් යාමට පැමිණි පුද්ගලයකු සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 5450, සොයා ගැනීමෙන් අනතුරුව යතුරු පැදියේ ලිපිලේඛන විමසා සිටීමේදී ඔහු සන්තකයේ ඒවා නොමැති වීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මීට මාසයකට පමණ ඉහතදී තවත් පුද්ගලයකු සමග එක්ව පාදුක්ක හා ගල්කිස්ස පොලිස් වසම් වලින් යතුරුපැදි දෙකක් සොරාගෙන එම යතුරුපැදිවලින් ගොස් මහරගම පිළියන්දල හා මොරගහහේන ප්‍රදේශවල වෙළඳසැල් රැසක් බිඳ දේපළ සොරාගත් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි
මෙම සැකකරුගෙන් හෙළි වූ තොරතුරු මත සොරකම් වලට සම්බන්ධ අනෙක් සැකකරු බොරලැස්ගමුව නීලම්මහර ප්‍රදේශයේදී හෙරොයින් මත් කුඩු මිලිග්‍රෑම් 4930 ක් හා ගල්කිස්ස ප්‍රදේශයෙන් සොරා ගත් අනෙක් යතුරුපැදිය සමග අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
පොලිස් මාර්ග බාධකය දී අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර වෙළඳසැල් හා නිවෙස් බිඳීම් මෙන්ම හොරෙයින් මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවෙක් බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා බොරලස්ගමුව ග්‍රාම සංවර්ධන මාවත හා මහරගම ගොඩිගමුව පදිංචිකරුවන්ය.
සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
