විශ්වාසභංග ජයග්‍රහණයත් සමග වර්ෂ 2020 මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යෑම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අද (04දා) විශ්වාසභංග විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මේ බව කී අමාත්‍යවරයා අඩුපාඩු නිවැරදි කර ගනිමින්, සොරකමට තිත තැබීම සඳහා පක්ෂයක් ලෙස කටයුතු කරන බවද එහිදී කියා සිටියේය.