අපරාධ රැසකට සම්බන්ධ අරබවෙලගේ දොන් ගයාන් ජයසිංහ නොහොත් ගයියා නැමැත්තා රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව බොරැල්ල පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 10 මිලිගෑම් 800 ක් පොලිස් භාරයට ගෙන ඇත.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව සහස්පුර පොලිස් මුරපොළේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සඳරුවන් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවකු වන සොත්ති උපාලි නැමැත්තාගේ පුතෙකු බව පොලිසිය කියයි. 30 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය