විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට ජනාධිපති ලේකම් විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා,
ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම,
රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම,ප්‍රතිකාර කිරීම සම්බන්ධව සියලු සේවා වැඩ හෝ ශ්‍රමය
මේ අනුව අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනු ඇත.