සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 3103 ක් මාස තුනකදී අල්ලයි
නිවාඩු නොලබා හමුදා සේවය හැර ගොස් සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 3103 දෙනකු ගතවූ මාස තුනක කාලයෙහි අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එම පිරිස අතරින් 344 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.පසුගිය පෙබරවාරි මස 22 දින සිට ඊයේ (08දා) සිදු කළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලීන් හේරත් මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර නිලධාරීන් දස දෙනෙකු ඇතුළුව , යුද හමුදා සාමාජිකයන් 2613දෙනෙකු සිටින බවත්, එක් නිලධාරියෙකු ඇතුළු 248 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බවත්, 242ක් ගුවන් හමුදා සාමාජිකයන් බවත් කර්නල් නලින් හේරත් මහතා සඳහන් කළේය.
මෙම පිරිසෙන් කිහිප දෙනෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සම්බන්ධකම් පැවැත්වීම පිළිබඳව අත්අඩංගුවට ගෙන ඇති බවද කර්නල් නලින් හේරත් මහතා කීය.
නිවාඩු නොලබා හමුදා සේවය හැර ගොස් සිටි විවිධ අපරාධ කල්ලි කණ්ඩායම් සමඟ සම්බන්ධකම් පවත්වමින් අපරාධ සිදු කරමින් සිටින පිරිස අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන අරමුණින් යුතුව මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.මෙහෙයුම තවදුරටත් දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් පවතී.
ඉන්දිකා රාමනායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

