අවිස්සාවේල්ල මාරඹේ ග්‍රාමීය බැංකුව ට ඇතුළු වී රුපියල් ලක්ෂ 50ක පමණ රන් ආභරණ සහ මුදල් අඩංගුව තිබූ සේප්පුව සොරා ගත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා අවිස්සාවේල්ල පොලිසිය මහජන සහය පතයි.
ඉකුත් වූ 3 වැනිදා අලුයම පුද්ගලයන් තිදෙනකු විසින් බැංකුවේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී සොරකම සිදු කරන අයුරු සීසීටීවී කැමරාවල සටහන් වී තිබේ.
සීසීටීවී කැමරා දර්ශන වලින් වසං වීම සඳහා පුද්ගලයන් තිදෙනා කුඩයක් ඉහලගෙන සොරකම සිදු කරන අයුරු කැමරාවල සටහන් වී තිබිණි.
සොරුන් විනාඩි 40 ක ආසන්න කාලයක් බැංකුව තුළ රැඳී සිට ඇතැයි සිසිටිවි පරික්ෂා කිරීමේදී පැහැදිලි විය.
අපරාධය සඳහා පැමිණි පුද්ගලයන්ගේ සීසීටීවී දර්ශන වල සඳහන් දර්ශන ඇසුරෙන් දෙදෙනෙකුගේ ඡායාරූපයට චිත්‍රයට නගා තිබුනේ අපරාධ ලේඛනාගාරයේ චිත්‍ර ශිල්පීන් විසිනි.
මේ වන විට සිදු කළ විමර්ශන වලදී සොර කල්ලිය සේප්පුව සොරා ගැනීමෙන් අනතුරුව වෑන් රථයෙන් අවිස්සාවේල්ල හරහා පහත්ගම දෙසට ගමන් කරන අයුරු සිසිටිවි කැමරාවල සටහන්ව තිබෙන බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අවිස්සාවේල්ල පොලිසියේ අපරාධ අංශයට අමතරව සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.
මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 0718592425 ,0718593754 , 0718591423, 0362222380 අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගේ ඉල්ලා සිටියි.
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඒ ජේ. කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. එම් .පි .සි. ජයලත් මහතා මහතාගේ උපදෙස් මත කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.



