ප්‍රවීන ප්රවෘත්ති පත්‍ර ඡායාරූප ශිල්පී සේන විදානගම මහතා අද (08දා) අභාවප්රාතවී ඇති අතර අවසන් කටයුතු ජුනි 09 වන දින වැලිසර පොදු සුසාන භූමියේදී පස්වරු 6ට සිදුකෙරේ. ලේක් හවුස් ආයතනයේ සහ ප්‍රංශ පුවත් සේවයේ දශක ගනනාවක් ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කල ඒ් මහතා අභාවප්‍රාප්ත වන විට 76 වන වියේ පසුවිය.
මාතර කපුගමදී 1945 වසරේ අගෝස්තු 19 වනදා උපත ලද සේන විදානගම මහතා ගලගම මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු හැදෑරීය. විනෝදාංශයක් ලෙස ඡායාරූපකරනයට පිවිසි ඔහු 1970 වසරේදී ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වූ අතර 1979දී ලේක්හවුස් ආයතනයේ ඡායාරූප අංශයට එක්විය.
1987 ජූලි 30 වනදා ඔහු විසින් ගන්නා ලද ලොව සුවිශේෂිම ඡායාරූප අතරට එකතුවුන ඡායාරූපයක් වන්නේ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතාවෙනුවෙන් පැවැත්වුනු උත්තමාඡාර පෙළපාලියේදී මෙරට නාවික සෙබලෙකු විසින් ගාන්ධි මහතාට පහරදීමට උත්සාහා කිරීමයි.
ඒ වන විට ලේක් හවුස් ආයතනයේ ඩේලි නිව්ස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කල ඔහු මෙම ඡායාරූපයෙන් පසු ප්‍රංශ පුවත් සේවයේ මෙරට ඡායාරූප ශිල්පියා වශයෙන් තෝරාගනු ලැබිනි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය ඡායාරූප ශිල්පීන්ගේ සංගමයේ 1995 වසරේ සභාපති වශයෙන් තේරීපත්වූ සේන විදානගම සිය ජනමාධ්‍ය ඡායාරූප ශිල්පී සගයින් සහ ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකල අතර ඉන් අනතුරුව එම සංගමයේ භාණ්ඩාගාරික තනතුරද හොබවනු ලැබීය.
1993.09.12දී ජාතික ජනමාධ්‍ය මාධ්‍යරූප ශිල්පී සම්මාන උත්සවයේදී ජනමාධ්‍ය ඡායාරූප විශේෂ සම්මානයෙන්, 1994.07.26දී ජාතික සන්නිවේදකයින්ගේ සංගමය සංවිධානය කරන ලද සම්මාන ප්‍රධානෝත්සවයේදී විශිෂ්ඨතම ප්රවෘත්ති ඡායාරූප ශිල්පියාට හිමි සම්මානයෙන්, 2019.07.26දී ශ්‍රී ලංකා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ඡායාරූප ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවයේදී සිය ජනමාධ්‍ය ජීවිතයේ ඉටුකළ විශිෂ්ඨතම සේවාව සහ කැපවීම අගැයීමදී ජීවිතයේ එක්වරක් පමනක් පුදනු ලබන සුවිශේෂි සම්මානයෙනු අගැයීමකට ලක්වීමතු ඇතුලුව ඔහු විසින් සිය 26 වසරක ජනමාධ්‍ය ජීවිතයේදී කිහිප විටක්ම සම්මාන සහ ඇගයීම් වලට පාත්රව ඇත.
දේහය අංක 57/21 නිදහස් මාවත, හෙට්ටියාවත්ත, ඇලපිටිවල, රාගම නිවසේ තැන්පත්කර ඇත

