ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම හේතුවෙන් ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට අපි කවුරුද, හීනවලට පනක් තිබෙනවා, අළු යට ගිනි, අපි සැනසිල්ලේ, රස්තා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද 02දා වාරණයක් නිකුත් කළේය.
එම ගීතවල ඒකාබද්ධ පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතා විසින් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබීය.
මෙම නඩුව නැවත අප්‍රේල් 16 දින කැදවීමටයි ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබීය.