සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් යනුවෙන් සමාජ මාධ්‍ය තුළ දැනට සංසරණය වන පුවත යම් කණ්ඩායමක් විසින් ප්‍රචාරණය කරන හිතළුවක් වන අතර එම පුවත අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් සාකච්ඡා කර නොමැති බවත් මෙම පුවතතුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවන කරුණුද සාවද්‍ය වන අතර දැනට ගොවීන් විසින් ලබාදෙන අස්වැන්න කර්මාන්තශාලාව මිලදී ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශය පවසයි.
පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබුණු මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අලෙවි සැලැස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් සිය මෙහෙයුම් කටයුතු ඉදිරියටත් කරගෙන යන අතර මෙම ආයතනය ලබා ලබන ආයතනයක් බවට පත් කිරීමට ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.