සෙරෙප්පු දාගෙන රාජකාරී කළ සැරයන්ගේ වැඩ තහනම්
අසම්පූර්ණ නිල ඇඳුමින් සැරසී එනම් සෙරෙප්පු දෙකක් පැළඳ රථවවාහන රාජකාරියක නිරතවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගන්නා තෙක් ඇඹිලිපිටිය පොලීසියේ රථවාහන රාජකාරීයේ යෙදුන පොලිස් සැරයන්වරයෙකුගේ සේවය තාවකාලිකව තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
වැඩ තහනමට ලක්වු පොලිස් සැරයන්වරයා පාවාහන් යුගලක් පැළඳ රාජකාරියේ නිතරව ඇති අතර ඔහුට සපත්තු පැළඳීමට නොහැකි තත්ත්වයේ ගැටලුවක් නොතිබීම නිසා විනය පරීක්ෂණයක් පවත්වන තෙක් මෙසේ වැඩ තහනම් කර ඇත.
ඇඹිලිපිටිය පොලිස් වසමේ දී ඇතුරු මාර්ගයකින් පැමිණි යතුරු පැදියක් මාර්ග නීති කඩකරමින් ප්‍රධාන මාර්ගයට පිවිසීම සම්බන්ධයෙන් යතුරුපැදිකරු සහ මෙම පොලිස් සැරයන්වරයා සමග බහින්බස්වීමක් ගැන සමාජ මාධ්‍යවල පැතිර යන බව ද එම පොලිස් නිලධාරියා පැවසුවේය.
එහෙත් යතුරුපැදි වරදක් කර ඇති බව තහවුරුවී ඇතැයි ද එම පොලිස් නිලධාරියා පැවසුවේය. ඒ අවස්ථාවේ රාජකාරිය කිරීමේ දී නියමිත පොලිස් ඇඳුමින් සැරසී නොසිටීමේ වරදට මිස වෙනත් දෙයකට සැරයන්වරයාගේ වැඩ තහනම් නොකළ බව ද කීවේය.
අජිත්ලාල් ශාන්තඋදය/ කොලොන්නේ ජේ නානායක්කාර
popular news
-
චමින්ද Thursday, 24 February 2022 01:31 PM
සමහරක් පොලිස් නිළධාරින් රාජකාරි කරන විට නිල ඇදුමට අයත් තොප්පිය නැතුව සමහර උසස් නිළධාරින් ළගට යනවා උදාහරණයක් ලෙසට පොලිස් අධිකාරී තනතුරට සමාන තනතුරක් දරණ ප්‍රාදේශීය ලේකම් දක්වන්න පුළුවන් නමුත් තොප්පිය නැතුව ගියාම නියමිත ආචාරය අනවශ්‍ය නිසා එය නැතුව යනවා මම රාජකාරි කරද්දී දැකලා තියෙනවා නියෝජ්‍ය පොලිස්පති පවා දිසාපතිට නියමිත ආචාරය කරනවා ඒ කාලයේ එහෙම නොකර එන්න දුන්නෙ නැහැ දැන් කාලයේ නම් සමහරක් උසස්යැයි කියාගන්නා නිළධාරින් ටී කමිස ඇදගෙන එන නිසා ඇත්තටම ඔවුන් ගැන ගරුත්වයක් දෙන්නත් බැහැ තමා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

