සෙමි බස් නතර කළොත් දුර ගමන් සේවාවලින් ඉවත් වෙනවා
අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අවලංගු කර, එම බස්රථ සාමාන්‍ය සේවා බවට පත් කළහොත් රාත්‍රී දුරගමන් සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අවංලගු කිරීමට ප්‍රවාහන බලධාරීන් සැලසුම් කර තිබෙන බවත්, අර්ධ සුඛෝපභෝගි බස් සේවා ක්‍රියාත්මක වන්නේ, දුරගමන් සේවාවක් ලෙස බැවින් සෑම බස් නැවතුම්පොළකින්ම මගී බස්රථයට නංවා ගැනීමට නොහැකි බවත් එම මධ්‍යස්ථානයේ සභාපති සම්පත් රණසිංහ මහතා පැවසීය.
මේ නිසා අර්ධ සුඛෝපභෝගී බස්රථවලට ලැබෙන ආදායම් සීමා සහිත බවත්, එවන් තත්ත්වයක් තුළ අර්ධ සුඛෝපභෝගී සේවාව ඉවත් කළහොත් දුරගමන් සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වන අතර, දහවල් කාලයේදී බස් රථවලට ලැබෙන ආදායම් රාත්‍රී කාලයේදී නොලැබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා අර්ධ සුඛෝපභෝගි සේවාව අහෝසි කර විශේෂිත දුරගමන් සේවා ලෙස නම් කර ගාස්තුව මෙන් 1.3ක් අයකර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද සභාපතිවරයා සඳහන් කළේය.
දැනට අර්ධ සුඛෝපභෝගී සේවාව ලෙස ගාස්තුව මෙන් 1.5ක් මුදලක් අයකර ගන්නා බවත්, මෙම සේවාව ශීඝ්‍රගාමී සේවාව නිසා මගී ජනතාව ගෙවන මුදලට අදාළ සේවාවක් ලැබෙන බවත් පවසා සිටි ඒ මහතා, තැපැල් සේවාව තුළත් වැඩි මුදලක් අයකර ලිපි යවන ශීඝ්‍රගාමී සේවාවක් තිබෙන බවත්, අදාළ සේවාව ලබා ගන්නේ ජනතාවගේ කැමත්ත මත බවත් ප්‍රකාශ කළේය.
මේ නිසා අදාළ සේවාව සම්පූර්ණයෙන් ඉවත් කර සාමාන්‍ය සේවාව බවට පත් කළහොත් රාත්‍රී 8.00 පසු දුරගමන් සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බවත්, එවැනි වෘත්තීය ක්‍රියාමර්ගයක් ක්‍රියාත්මක වුවහොත් මගීන්ට රාත්‍රී කාලයට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවා සුඛෝපභෝගී සේවාවල ගමන් කිරීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
popular news
-
Dayan Saturday, 29 April 2023 01:24 AM
Strong enough to threat to nation. Or authorities are bought by them.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
