යාපනයෙදී යුද හමුදා සෙබළියක් පැදවූ ට්රක් රථයක ගැටී පාපැදිකරුවෙකු මිය ගොස් ඇතැයි පලාලි පොලිසිය පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ට්රක් රථයේ පැදවූ හමුදා සෙබළිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පලාලි කාන්තා බලකායට අනුයුක්තව රාජකාරී කරමින් සිටි සෙබළියකි.
සෙබළිය ඉහත කඳවුරට අයත් ට්රක් රථය පදවමින් සිටියදී ඊයේ (2) පස්වරුවේ රථය පලාලි ප්රදේශයේදී පාපැදියක ගැටී පාපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇත.