ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් රුපියල් මිලියන 4900ක මුදල බැංකු 08කින් සියයට 11-12ත් අතර අඩු පොලියට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට උපරිමය රුපියල් මිලියන 100ක් දක්වා ලබා ගැනීමට නව ණය යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
2022 ඔක්තෝම්බර් 05 වැනිදා ඉදලා අලුත් ණය යෝජනා ක්‍රමයක් කාරක ප්රාග්ධනය වෙනුවෙන් ආරම්භ කරලා තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර කටයුකු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන කාරක ප්රාග්ධනය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඇමරිකානු ඩොලර් මිල 13.5ක මුදල පවතින අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය ණය ලබා දීමට යොදා ගැනීමට මුදල් අමාත්‍යාංශය ආසියානු සංවර්ධන බැංකුව සමග එකඟතාවයකට පැමිණෙන ලදී. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 13.5ක්, එනම් රුපියල් මිලියන 4900ක් බැංකු 08ට ලබා දී ඒ ණය ලබා දීමට කටයුතු කරනවා.
ඒ අනුව ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ සම්පත් බැංකුව කිනය බැංකු 08න් මෙම ණය මුදල ලබා ගන්න පුලුවන්. ඒ වගේම කෘෂිකාර්මික, සංචාරක යව ක්ෂේත්රයන් සහ අපනයනය අභිමුඛ ක්ෂේත්රයන්ට අදාලව නිෂ්පාදන කටයුතු වල නිරත වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මෙම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගන්න පුලුවන්. දැනට වෙළඳපොලෝ පොලී අනුපාතය සියයට 20-25ත් අතර වෙනවා. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සියයට 11-12ත් අතර අඩු පොලි අනුපාතයකට මුදල් ලබා ගන්න පුලුවන්. ඒ අනුව උපරිමය මිලියන 100ක් දක්වා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය මුදල් ඉල්ලීම් කරන්න පුලුවන්.