සුව ඇමැතිනී විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක
COVID-19 වෛරසය මැඩලීම, ව්‍යාප්තිය පාලනය, සෞඛ්‍ය ප්රතිකාරක සේවාවන් සහ ඉදිරි සැලසුම් පිළිබදව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (30) රාත්‍රියේ දී පැවැත්විනි.
කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිතවරියගේ කාර්යාලයේ දී පැය 02 කට ආසන්න කාලයක් නවීන වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විනි.
රටවල් 15ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහභාගි වූ මෙම සාකච්ඡාවේ දී විශේෂයෙන්ම COVID-19 වසංගත උවදුර තුරන් කිරීමට ගත යුතු ඉදිරි පියවරයන් පිළිබදවත් ඒ ඒ රටවල් ගනු ලබන විධිමත් ක්‍රියාමාර්ග සහ අත්දැකීම් පිළිබදවත්, වෛරසයට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම පිළිබදවත් අමාත්‍යවරුන් මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදි.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ COVID-19 මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙතෙක් රජය සහ සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවත්, ඉදිරියේ දී ක්‍රියාත්මක කිරිමට නියමිත ආරක්ෂිත ක්‍රමවේද පිළිබදවත් කරුණු පැහැදිලි කරමින් අදහස් හුවමාරු කරගන්නා ලදි.
නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව COVID-19 වෛරසය මර්දනයට මෙතෙක් ගෙන ඇති වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් බවත්, ලෝකයේ දියුණූ රාජ්‍යයන් මෙම වෛරසය මර්දනයේ දී ප්‍රමාද වී තීන්දු තීරණ ගෙන ක්‍රියාත්මක කළ බවත්, එම සමහර තීන්දු තීරණ ශ්‍රී ලංකාව කලින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම වෛරසය ව්‍යාප්තියේ මර්දනයක් ළගා කරගෙන තිබෙන බව ද විදේශ රටවල සෞඛ්‍ය අමාත්‍යවරු මෙහිදී පෙන්වා දෙන ලදි.
මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය වන වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය (Dr Razia Pendse) , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහත සහ අමාත්‍යතුමියගේ සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතා ද එක් විය.

popular news
-
Samson de silva Saturday, 02 May 2020 12:00 PM
Api America, England, France, Italy wani ratawal wagey noweyi, "UNDER CONTROL, IN ENERAL." Ema nisaa April 19ta pasuwa Sri Lankawen ekama Covid-19 rogiyekwath hamuwune naha kiyalaa Umma Devi kiwwada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

