එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන විසින් 1990 සුවසැරිය පදනම සදහා කෘත්රිම බුද්ධි තාක්ෂණය යොදාගනිමින් සම්බන්දිත හදිසි ගිලන්රථ ව්යාපෘතියට 2023 වර්ෂයේ දි ලබාදුන් රුපියල් දෙකෝටි, අනුලක්ෂ, අසුපන්දහස් පන්සියයක් වටිනා (29,085,500) ටැබ් පරිඝණක 385ක් හා මුද්රණ යන්ත්ර 250ක් භාවිතයට නොගෙන නිෂ්කාර්යව පවතින බව අනාවරණය වි ඇත.
සුවසැරිය පදනම විසින් මෙම වර්ෂයේ (2026) මාර්තු මස වනවිටත් මෙකි ව්යාපෘතිය ක්රියාත්මක කිරිමට කටයුතුකර නොතිබුණි. එම නිසා මෙම උපකරණ නිෂ්කාර්යව පවතින බවද අනාවරණය වි ඇත.පරිත්යාගශිලින් ලබාදෙන පරිත්යාග පලදායීව භාවිතා කිරිමට කටයුතුකළ යුතුව ඇති බව විගණනය මගින් ද නිර්දේශකොට ඇත.
1990 සුවසැරිය පදනම විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි ඇත.