මිරිස්ස මුහුදේදී මාළු දැලකට හසුව ගෙල පදේශය කැපී බරපතල තුවාල ලබා සිටි හික්කඩුව වනජීවී නිලධාරීන් භාරයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ කිලෝග්‍රෑම් සියයක් පමණ බර කැස්බෑවෙකු යලි මුහුදට දැමීම අද (15දා) උදේ අම්බලන්ගොඩ වෙරළ තීරයේදී සිදු කෙරිණ.
අම්බලන්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක මේ කැස්බෑවිය දින ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටියාය.
වනජීවී වෛදයවරුන්ගේ සහ හික්කඩුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රතිකාර වලින් ඉක්මන් සුවය ලැබූ මේ කැස්බෑවිය යළි මුහුදට දැමිය යුතු යැයි වනජීවී බලධාරිහු තීරණය කළහ.
ඒ අනුව මේ විශාල කැස්බෑවා අද (15)උදේ අම්බලන්ගොඩ වෙරළ තිරයේදී හික්කඩුව වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මුහුදට දැමීම සිදු කෙරිණ.
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
