සමන් ජයසිංහ මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස සිය ධූරයේ කයුතු ආරම්භ කළේය.
ඒ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයේ දීය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.
ජයසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපාධි හා පශ්චාත් උපාධි ධාරියෙකු වේ.
