සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි, යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා මෙම මස 10 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.
මේ අනුව උදය කුමාර මහතා විශ්‍රාම යාමත් සමග අදාල තනතුර සදහා විශ්‍රාමික කොමදෝරු එම්. බී. එන්. ඒ.ප්‍රේමරත්න මහතා පත් කිරීමට මුදල්. ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමර මහතා විසින් සිදුකල යොජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ