සුරතල් සතුන් කටුනායකින් පන්නන්න බැරි වෙයි
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ සත්ව රෝග ආඥා පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් , රුපියල් නව ලක්ෂ අනූ අට දහසක් වටිනා , සුරතල් සතුන් 38 දෙනෙකු නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 03/26 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .මොහු මහනුවර , දිගන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි .
ඔහු 03/26 දින අලුයම 12.01 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ගිනි පිග් , ලේනුන් , ඩව් බර්ඩ් , ෂුගර් ග්ලයිඩර්ස් සහ හෙජ් හොග් සතුන් පිරිසක් කූඩු තුළ බහා සගවා ගෙන තිබුණි.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් , මෙම සතුන් රැගෙන ආ ගුවන් මගියාට රුපියල් දෙලක්ෂ පනස් දහසක දඩ මුදලක් ගෙවීමට නියම කළ අතර , මෙම සතුන් ආපසු තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙන යාමට තායි ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
