ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 1.30ට පමණ දකුණ සුමාත්රාවට රික්ටර් මාපකයේ 6.7ක ප්‍රභල භූකම්නයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවත් වෙරළබල ප්‍ර දේශවල හා ඒ ආසන්නයේ ජීවත වන ජනතාවගේ ජන ජීවිතය ආරක්ෂා සහිත බවත්ය.