ව්‍යාජ ලිපි ලේඛන සකස් කර රුපියල් කෝටි හතරකට විකිණීමට සූදානම් කර කුරුණෑගල නිවසක සඟවා තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
එම සුඛෝපභෝගී ජීප් රථය සඳහා ජාතික ලිපි ලේඛන සකස් කර ඇත්තේ සිදුවේ පරිගණක දත්ත සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත වෙනස්කර බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රේගුවේ හා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් පරිගණක පද්ධතිය වෙනස් කර රටට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් අහිමි කර ඇති බවට විගණන වාර්තා ප්‍රකාශ වී පැය 24ක් ගත වීමට පෙර පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ව්‍යාජ ලිපි ලේඛන සකසා කෝටි හතරකට විකිණීමට සූදානම් කර තිබූ ප්‍රාඩෝ වර්ගයේ ජීප්රථය 2020 වර්ෂයේ නිෂ්පාදිත එකක් බව පොලිසිය කියයි.
කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වාහන නඩුවකට අදාළව සිදුකළ සිදු කළ විමර්ශනයකදී මෙම නීති විරෝධී වාහනය පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
කෝටිපති වෛද්‍යවරයකු මෙම ජාවාරමේ මහ මොළකරු බවට වනවිට හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
