මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් 2022 අයවැය හරහා හඳුන්වාදුන් සුපර්ගේන් ටැක්ස් (රුපියල් මිලියන 2000ට වැඩි ආදායමක් උපයා ඇති පුද්ගලයන් හා ආයතන අතරින් එක් වරක් පමණක් අය කරන බද්ද) හරහා සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ්‍රාමික පාරිතෝෂිකයෙන්ද බදු අය කිරීමට රජය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව නිකුත් කළ ගැසට් නිවේදනය අනුව මෙම අරමුදල්වලින් සියයට 25ක බද්දක් අය කිරීමට නියමිත බවයි.
රුපියල් ට්‍රිලියන 3කට අධික මුදලක් ඇති සේවක අර්ථ සාධක අරමුදල රුපියල් 2020 වසරේදී රුපියල් බිලියන 250ක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් නව බද්ද අනුව එම ලාභයෙන් රුපියල් බිලියන 62.5ක් රජය බදු ලෙස අය කිරීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ විශාලම අරමුදල ලෙසද සැලකෙන මෙම සේවක අර්ථසාධක අරමුදලට මීට කලින් කිසිම රජයක් මෙවැනි දෙයක් කර නොමැති බවද ඔහු පැවැසීය.
මෙම මුදල් ලබාගෙන එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ලබාදීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බවද ඔහු පවසයි.
සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කළේ 'ආණ්ඩුව හංගලා ගහලා තියෙන්නේ' යනුවෙනි.
