2004 වර්ෂයේ ඇති වු සුනාමි ඛේදවාචකයට අද (26දා) අවුරුදු 18ක් සම්පූර්ණ විය. මෙම ඛේදවාචකයෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සිහිපත් කරමින් අද පෙරවරු 9.25ට දිවයින පුරා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.
සුනාමිය හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 9ක තරම් ප්‍රබල වූ භූ කම්පනයේ අවසන් ප්‍රතිඵලය සුනාමි ව්‍යසනයයි.