සුනඛ පැටවුන් යටකර මෝටර් රිය පැදවූ කෝටිපති ව්‍යාපාරික බිරිඳට ඇප
පදියපැලැල්ල රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ සිටී මාස 2ක් වයසැති සුනඛ පැටවුන් දෙදෙනෙකු යට වන ආකාරයට මෝටර් රථය පදවා සුනඛ පැටවුන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයෙකු බිරිඳක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් 17 වැනි දින සවස් කාලයේ මෙම සිද්ධිය සිදුව ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස සහ පිටුපස රෝද වලට යටවී මෙම සුනඛ පැටවු දෙදෙනා මියගොස් තිබුණි.
අදාල දාල වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගම 18 දින සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසියට පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මතුරට පොලිසිය පරීක්ෂණ පවත්වා මතු රට ඇහැළගස්තැන්න ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව සහ ඇගේ සැමියා වූ කෝටිපති ව්‍යාපාරිකයා මතුරට පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වූ සත්ව හිංසනයට ප්‍රකාරව ඊයේ (20) සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (20) පස්වරුවේ වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන ඇති අතර මහේස්ත්රාත්රුවරයා සැකකාරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

