සුදු යුවළගේ සේසතම සොරාගෙන
වස්කඩුව අතිසුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවලගේ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා විදේශීය මුදල් ඇතුළු තවත් වටිනා දේපල බහා තිබූ සේප්පුව (ලොකරය) ඊයේ (5දා) රාත්‍රී සොරාගෙන ගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි
සොරාගෙන ගිය එම දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් තොගයක් අත් පළඳනාවක්, මුදු ,ඔරලෝසුවක් ඇතුළු තවත් දේපල වන බව පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ
මිට සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර පෙරේදා (5) රාත්‍රී නවාතැන් ගෙන සිටි කාමරයට පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු ඔවුන් නවාතැන් ගෙන සිටි කාමරයට සූක්ෂම ලෙස ඇතුළු වී වටිනා බඩුබාහිරාදිය දැමීමට හෝටලයෙන් ලබාදුන් සේප්පුවක් බඳු ලොකරය රැගෙන ගොස් තිබූ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියා ගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි
සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වි ඇති අතර ඉතා ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය
කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ/ පානදුර සුමිත් පොතුපිටිය
popular news
-
rocky Thursday, 06 April 2023 12:39 PM
Sanchaaraka wyaapaaraya diyunu karanne mehemada ?
Reply : 0 0
Kumar Thursday, 06 April 2023 02:57 PM
ema hotelaye CCTV nadda?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

