පොල් වගාව ප්රමුඛ ඒ ආශ්රිත වගාවන්ට ඇතිවී තිබෙන සුදු මැස්සා උවදුර මර්ධනය සදහා කඩිනම් ප්‍රතිඵල ලගා කර ගැනීමේ අරමුණෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් පෙබරවාරි 22 වෙනිදා සිට 28 දක්වා සතියක විශේෂ වැඩසටහන් කාලයක් ප්‍රකාශයට පත්කෙරිණි.
ඒ වෙනුවෙන් වූ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
එහිදී සුදු මැස්සා උවදුර සහ එහි ව්‍යාප්තිය පිළිබඳවත්, මෙතෙක් ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙනුත් පොල් වගා කිරීමේ මණ්ඩලය , පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනය විසින් ඒකාබද්ධව මාධ්‍ය දැනුවත් කෙරුණු අතර 2023 ජනවාරි 1 වෙනිදා සිට ආරම්භ කෙරුණු සුදු මැස්සා මර්ධනයේ දින සීයේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳවත්, මාධ්‍ය දැනුවත් කෙරිණි.
මේ වනවිට රුපියල් මිලියන 85.5 ක මුදලක් වෙන්කරමින් සුදු මැස්සා මර්ධනයට රට පුරා පොල් වගාකරුවන් 50,000 කට අධික ප්‍රමාණයක් දැනුවත් කරමින් , රටපුරා ක්‍රියාත්මක කළ වැඩසටහන් 2200 ක් හරහා පුහුණු ශ්‍රමික 655 ක බලකායකින් මැෂින් 700 ක් යොදාගෙන පොල් ගස් 190,000 ක ප්‍රමාණයක් සුදු මැස්සාගේ උවදුරෙන් මුදාගෙන තිබෙයි.
දින සීය වැඩසටහන තුළ මෙලෙස ප්‍රකාශයට පත්කළ විශේෂ සතියක කාලය තුළ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල 19 මුල්කොට ගෙන පොල් වගාකරුවන් 2000ක් දැනුවත් කරමින් පොල්ගස් ලක්ෂ 2 ක් සුදු මැස්සා උවදුරෙන් සම්පූර්ණයෙන් මුදා ගැනීමට අපේක්ෂිත වෙයි. පොල් පර්යේෂණ ආයතනය මගින් හදුන්වා දුන් සුදු මැස්සා මර්ධනය සදහා වූ රසායනික සහ ස්වභාවික ප්‍රතිකර්ම පිළිබඳවද මෙම මාධ්‍ය සාකච්ඡා තුළදී දැනුවත් කෙරිණි.
එමෙන්ම සුදු මැස්සා උවදුර පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම 1920 හා 1928 ඍජු දුරකථන ඔස්සේත් , 0112861011 සාමාන්‍ය දුරකථනය ඔස්සේත් , Coconut App එක හරහාත් , www.coconutsrilanka.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවත් මාධ්‍ය සාකච්ඡාව තුළ පැහැදිලි කෙරිණි.
එහිදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් දක්වමින් සදහන් කළේ 2022 වර්ෂයේ පමණක් පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 817ක් උපයා ඇති බවත් , එම අපනයන ආදායම වැඩි වර්ධනය කරගනිමින් ඉදිරියට පවත්වා ගෙන යාමට නම් ,පොල් කර්මාන්තය ආරක්ෂා කළ යුතු බවත් ඒ වෙනුවෙන් සුදු මැස්සා උවදුර සැවොම එක්ව පොල් වගාව සහ ඒ ආශ්රිත වගාබිම් තුලින් තුරන් කළයුතු බවයි.
මෙම මාධ්‍ය සාකච්ඡා අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති , පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිනී මාධවී හේරත් , පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා , පොල් පර්යේෂණ ආයතනයේ සභාපති මල්රාජ් පීරිස් ඇතුළු අමාත්‍යංශ නිළධාරින් එක්ව සිටියහ.
