පොරොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව්තාවුල්ලේ පිහිටි සුප්‍රකට සුදු අරලිය හෝටලයේ ඉඩම් කොටසක් නීතියට අනුකූල නොවන බවත් එය ඉවත් කර ගැනීමට තමන් සූදානම් බවත් එම හෝටලයේ හිමිකරු සුප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
වැඩසටහකදී ඔහු සඳහන් කළේ හෝටලයේ වැට ගැලවීමට තමන් කැමති බවත් සෑම කෙනෙක්ම නීතියට යටත් විය යුතු බවයි.
" අපට දේශපාලන ලේබල් එකක් තියෙනවා අපේ ඇගේ. ඒක කොච්චර බලවත්ද කියනවානම් මට පාරක යන්න නෑ. මට තැනක ගිහිල්ලා නිදහසේ කථා කරන්න නෑ. කණ්ඩායමක් වශයෙන් අපි එකට එක්ව කටයුතු කළ යුතුමයි.
රජයත් එක්ක අපි සුහදව වැඩ කළ යුතුමයි. මේක කිව්වම සමහරු කියයි මට මගේ සුදු අරලිය හෝටලයේ වැට ගලවන්න වෙන හින්දනේ කියලා. නීතියට අපි කවුරුත් යටත් විය යුතුමයි. නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තිබෙනවා. ඔව් ඒ්ක ඇත්ත. ඒ් වැට ගලවගන්න කැමතියි. දැන් හරිනේ.
මම ගලවගන්නම් හැබැයි ලබන මැයි මාසයේ වෙනකම් අවුරුද්දකට විතර වෙනකම් වෙඩින් බුකිංස් වගයක් තියෙනවා. මම ඕක බොහොම ටික කාලයකින් කඩනවා. නියමිත විදිහට හදනවා. ඒකනේ ඕන.
ආණ්ඩුව මේ යන වැඩපිළිවෙළ කොච්චර සාර්ථකද කියන එක මගේ යුතුකම. මේ ආණ්ඩුවට කඩේ යනවා නෙමෙයි.
මේ වෙද්දී මේ රජය විසින් රුපියල් බිලියන 559ක ආදායමක් වශයෙන් වැඩියෙන් හොයාගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වන අරමුණට වැඩපිළිවෙළ කරගෙන යනවා. ඒ්ක මට පේනවා. ඒ්ක මම දන්න
මිනිහෙක් ලෙස ඔයාලයට කියනවා. පාලකයන් අපිත් ඒක්ක සම්බන්ධවෙලා කටයුතු කරන කොට තමයි මේ අදායම් වැඩි කර ගන්න පුළුවන්.
අපි අනිවාර්යයෙන්ම රජයට බදු ගෙවිය යුතුමයි. අපට කාපට් පාර ඕන. තවත් පහසුකම් ගොඩක් ගැන හිතනවා. නමුත් අපි ගෙවන බද්ද ගැන ගොඩක් හිතනවා. ඒහෙම කරන්න ඒපා."