වර්තමාන පාලනයට සමාජය තුළ සුජාත භාවය තිබුනද නොතිබුණද මෙම පාලනය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල පාලනයක් බවත්, කවරුන් අකමැති වුවද රට පාලනය කරනුයේ එම පාලකයන් විසින් බවත් ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
වර්ථමානයේ අරගලය හරහා සිදු කෙරෙනුයේ රාජ්‍ය බිඳ වැට්ටවීම බවත්, මෙවැනි ප්‍රකාශ කරනුයේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට මිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අමාත්‍ය ධුර ලබා ගැනීමේ අරමුණින් නොවන බවත් හදීසි අවස්ථා ප්රකාශනය පිළිබඳ අද (27දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා,
මම හිතන්නේ නෑ මේ ඇතිකරගෙන තිබෙන පාලනයට නියමිත ප්‍රමාණයට ඒ සුජාත බාවය සමාජය තුළ තියෙනවා කියලා. ඒත් නියමිත ප්‍රමාණයට සුජාත භාවය තිබුණත් නැතත් මේ පාලනය නීත්‍යානුකූල පාලනයක්. ව්‍යවස්ථානුකූල පාලනයක්. අපි කැමති වුණත් නැතත් ඒ පාලන තන්ත්රය තමයි අද මේ රට පාලනය කරන්නේ. හිටපු ජනාධිපතිතුමා සාමකාමීව ධුරය අත්හැරලා ඉවත් වුණා. දැන් ගෝඨා ගෝ හෝම් කියලා තමයි මේ සටන පටන් ගත්තේ. ඒ ගෝඨා ගෝ හෝම් කියන එකට සමාජයේ යම් අනුමැතියක් තිබුණා පීඩාකාරී තත්ත්වය හේතුකරගෙන සහ ඒවාට කඩිනම් විසඳුම් නොපෙනනකොට. අපි හිතුවේ ගෝඨා ගෝ හෝම් වුනාට පස්සේ ඒක ඉවර වෙනවා කියලා. දැන් බැලුවම එහෙම නෑ.
දැන් ඊලග 09 වැනිදා එනවලු තව කෙනෙක්ව ගෙදර යවන්න. එයා ගෙදර ගියාම දිනේෂ්ට සිද්දවෙයිලු ජනාධිපති වෙන්න. මේක මල කෝලමක්නේ. ගෝඨා ගෝ හෝම්, රනිල් ගෝ හෝම්, දිනේෂ් ගෝ හෝම් කියනවා. ඊට වඩා ලේසියි කාවද ඕනි කියලා කියන්න. අපි එයාව ජනාධිපති කරන්නම්කෝ මේ කරදයෙන් බේරෙන්න. මේ රටට සාමයේ හුස්ම ගන්න ඕනි නැද්ද? ගෝ හොම් කියලා කිව්වම ගියා. දැන් වත් මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සටන් කරන්න දෙන්නේ නැද්ද? මේ පාලන තන්ත්රය පිළිබඳ අපිට විවේචන තිබෙනවා. අපිට එකඟ වෙන්න බැරිතැන් තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආවේගය මම කවදාවත් ගරහන්නේ නෑ. තේරැම් ගන්න මෙතන තිබෙන්නේ රාජ්‍ය බිඳවැට්ටවීම. ඒකට ඉඩ දෙන්න බෑ. මම විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඒකට ඉඩ දෙන්න කියලා කියන්න බෑ. මට රනිල් වික්‍රමසිංහගෙන් ඇමතිකම් ඕනී නෑ. මට මගේ රාජ්‍ය ඕනී. ආර්ථික අර්බුදයෙන් බැට කාලා ගොඩ එන දවසට අපිට අපේ රාජ්‍ය තියෙන්න ඕනී යනුවෙන් සඳහන් කළේය.