හම්බන්තොට සුචි ගම්මානයේ ඊයේ (21දා) රාත්රී 09ට පමණ සිදුවූ වේඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව හම්බන්තොට මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වේඩිතැබීම සිදුකර තිබෙන අතර වේඩි වැදීමෙන් මියගොස් ඇත්තේ හම්බන්තොට සුචි ගම්මානය ප්රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටි හක්මන කොඩිතුවක්කුගේ සාගර නමැති පුද්ගලයකු වේ.
මියගිය පුද්ගලයා තම බිරිද හා දරුවන් සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතර මෙම වෙඩි ප්රහාරයට ලක්වී තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.