තංගල්ල පොලිස් වසමේ නාකුළුගමුව ඉහළගොඩ ප්රදේශයේ දේවාලයක් අසල නවතා තිබූ සුඛෝපභෝගී වාහන තුනක් ඊයේ(03දා) රාත්රි ගිනිගෙන විනාශ වී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
සුඛෝපබෝගී මෝටර් රථයක් සහ වෑන් රථ තුනක් මෙලෙස ගිනිගෙන ඇති අතර ඒවා කෝටි හතරක පමණ වටිනාකමකින් යුතු ඒවා බව පොලිසිය පවසයි.
තංගල්ල නාකුළුගමුව ඉහළගොඩ ප්රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ මෙම වාහන නතරකර තිබියදී රාත්රි 10.30ට පමණ කිසියම් පිරිසක් ඒවාට ගිනිතබා ඇති බවට පොලිසිය සැකකරයි.
මාතර නගරසභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ නිලධාරින් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළද වාහනවලට දැඩි අලාබ සිදුව තිබේ.
පළමුව මෝටර් රථය ගිනිගෙන ඇති අතර ඉන් පසුව වෑන් රථ දෙකද ගින්නට හසුවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ බවසයි.
තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරිහු ස්ථානීය පරීක්ෂණය පැවැත්වූහ. මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
අනීෂා මානගේ


