මඩකලපුව කල්මුණේ ප්රධාන මාර්ගයේ කාත්තාන්කුඩි ප්රදේශයේ අද උදෑසන සිදු වූ අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
අද අලුයම 4 ට පමණ, කොළඹ සිට කල්මුණේ දෙසට ධාවනය වූ ලොරි රථයක් කාත්තාන්කුඩි ප්රධාන මාර්ගයේ නතර කර තිබියදී, කොළඹ සිට අක්කරෙයිපත්තුව දෙසට ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් විශාල අනතුරක් සිදුවිය.
අනතුරෙන් පසු, ප්රධාන මාර්ගයේ ගමන් කළ ත්රිරෝද රථයක් ද බස් රථයේ ගැටීමෙන් බස් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇත. ඒ සමඟම, බස් රථයේ රියදුරු සහ ත්රිරෝද රථයේ රියදුරු ද තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවත්, කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් වාර්තා වේ. සුඛෝපභෝගී බස් රථයට සහ ත්රිරෝද රථයට දැඩි හානි සිදුවී තිබීම විශේෂත්වයකි.
මඩකලපුව වාර්ථාකරු ට් එල් ජව්ෆර්කාන්
