වෙඩි වැදීමෙන් මිය ගිය හිටපු පොලිස්පති සී.ඩි.වික්රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 20 වැනිදා පොලිස් උත්තමාචාර සහිතව බොරැල්ල කනත්තේදී සිදුකිරිමට නියමිතය.
මේ අනුව විශ්රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩි.වික්රමරත්න මහතා වෙත ද ලබාදීමට තීරණය කර තිබේ.
හිටපු පොලිස්පති සී.ඩි.වික්රමරත්න මහතාගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තබා ඇති අතර හෙට (19) දිනයේ සිට අවසන් ගෞරව දැක්වීම සදහා අවස්ථාව ලබාදී තිබේ.
මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී.වික්රමරත්න මහතා ඊයේ (17) උදෑසන සිය නිවසේ දි වෙඩි වැදී මියගොස් තිබුණි.