සී .අයි. ඩී. පොලිස් යනුවෙන් සඳහන් කළ ව්‍යාජ හැඳනුම්පතක් සහ ඡායාරූප සහ සන්තකයේ තබාගෙන සිටී කතරගම දේවාලයක සේවකයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ඝන දේවාලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි (26) හැවිරිදී ද්‍රවිඩ තරුණයෙකි.
මෙම තරුණයා සන්තකයේ ව්‍යාජ හැඳුනුම්පතක් සහ ඡායාරූප ඇති බවට ලද තොරතුරකට අනුව එම
දේවාලයේ ප්‍රධාන කපු මහතා පෙරේදා (30) සැකකරු අල්ලා භාණ්ඩ ද සමඟ අතරගම පොලිසියට බාර දුන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී යාපනය මණ්ඩතීවී මුරුගන් කෝවිලේ සේවය කරන අවස්ථාවේදී පුද්ගලයන් තිදෙනෙකු විසින් රුපියල් 30,000 ක් මුදලක් ලබාගෙන මෙම ව්‍යාජ හැදුනුම්පත සකස් කර දුන් බව ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කරයි.