සීල්ගේ ආරක්ෂාවට කණ්ඩායම් 4ක්
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පැරණි හම ඉවත්වී අලුත් හමක් ඇතිවෙමින් තිබෙන නිසා එම සත්ත්වයාට තවදුරටත් නිදහස අවශ්‍ය බවත්, මේ නිසා සත්ත්වයා ආසන්නයට නොයන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අලුත් සමක් ඇතිවෙමින් තිබෙන නිසා මෙම සත්ත්වයා ගල්පර මත වැතිර සිටින බවත් මේ නිසා එම සත්ත්වයාට නිදහස අවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සීල් නැමැති සත්ත්වයා ලංකාවේ මුහුදු සීමාව තුළ සිටින තාක්කල් එම සත්තවාගේ ආරක්ෂාව වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් බස්නාහිර වනජීවී කලාපයේ නිලධාරීන් වෙරළාරක්ෂක නිලධාරීන් යොදවා සිටින බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

popular news
-
දේශප්‍රේමියා Wednesday, 18 December 2019 05:56 PM
මෙම සත්වයාට නව සමක් ඇතිවෙනවාද නැතිනම් අසනීප තත්වයකින් පීඩාවිදිනවාද යන්න පිලිගත් ආයතනයකින් (නවීන තාක්ශනික උපකරන භාවිතයෙන් (ඩ්‍රෝන යානා වැනි) දුර සිටවත් පරීක්ශාකර නොදන්නා දේශයක තනිඋන එම ආගන්තුක සත්වයාට සාධාරණයක් කරන්න. නැතිනම් එවැනිම තවත් සත්වයෙක් රැගෙනවිත් එම මුහුදු තීරයට මුදාහරින්න කටයුතු කරන්න (අඩුම තරමේ දෙහිවල zoo එකේ ඉන්න සතා හරි) .
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

