පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බවත් තමාගේ වැඩි විශ්වාසය පළාත් පාලන මැතිවර්ණය නියමිත කාලයට පවත්වනු ඇති බවත් යැයි සිමා නිර්ණය කිරිමේ කමිටුවේ නව සභාපති හා හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපිය මහතා අද (5දා)අම්බලන්ගොඩ පැවති මාධය හමුවකදී කීවේය.
නව තනතුරේ වගකීම් සම්බන්ධයෙන් මාධයවේදීන් නැගූ ප්රශ්න හමුවේ එසේ කී දේශපිය මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ ද කීය.
“පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව බිහිවීමේ ප්රධානම කාර්ය රටේ පවතින තත්ත්වයත් එක්ක වියදම් අඩු කිරීමට අට දහසක්වූ සභික සංක්යාව හාරදහස්ත් පන්දහසත් අතර ගනනකට අඩු කිරීමයි.
මේ කමිටුව පිහිටුවීමෙන් කිසිසේත්ම පළාත් පාලන ඡන්දය කල් දැමීමට සිදුවෙන්නේ නැහැ. එම ඡන්දය නියමිත කාලයේ තියන්න පුළුවන් .ඒකට මේ කමිටුවෙන් කිසිම බාධාවක් හෝ බලපෑමක් සිදුවන්නේ නැහැ.ඡන්දය පැවැත්වීම හෝ කල් දැමීම සිදුකළ හැක්කේ රටේ පවතින නීතිරීති හා අනපනත් අනුවයි.
මේ කමිටුවත් පළාත් පාලන ඡන්දය පැවත්වීමත් අතර ඇති සම්බන්ධය හරියට මේ දිනවල යන ටි ටුවෙන්ටි මැච්චෙක වගේ වැඩක්.ඒ කාණ්ඩයේ සහ බී කාණ්ඩයේ යටතේයි තරගය යන්නේ. ඒ වගේ තමයි අපේ කමිටුව හරහා සිදුවන්නේ සීමා නීර්ණ කොට්ටාස තෝරාදී ඡන්දය පැවැත්වීමට කටයුතු කිරීමයි.මැ තිවරණ කොමිසමේ කාර්යය තමයි ඡන්දය පැවැත්වීම.
පළාත් පාලන ඡන්දය නියමිත කාලයට පැවැත්විය යුතුයි. ආයෙ ආයේ කිව්වත් අපේ කමිටුව නිසා පළාත් පාලන ඡන්දය කල් දාන්නට සිදුවෙන්නේ නැහැ.අපේ කමිටුවේ අවසාන වාර්තාව ලබන වසරේ පෙබරවාරි අවසන්වීමට පෙර ලබාදිය යුතුයි. අපි ඒ සදහා සූදානමින් ඉන්නවා”
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත