සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා විසින් ප්‍රකාශ කර ඇති පරිදි සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටනල්ස් ආයතනය විසින් පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් රුපියල් 50,000.00 ක අතිකාරම් මුදලක් සේවකයන්ට ලබාදීමට කිසිදු සූදානමක් නොමැතිති බව එම ආයතනය දන්වා සිටී.
ආයතනය අවධාරණය කරන්නේ එවැනි තීරණයක් පාලන අධිකාරිය විසින් ගෙන නොමැති බවයි.
එසේම එම සභාපති , කළමනාකාර අධ්යක්ෂ හෝ විධායක අධ්යක්ෂ විසින් රු.50,000.00 ක අත්තිකාරමක් හෝ කිසිදු ප්‍රසාද දීමනා මුදලක් ලබාගෙන නොමැති බව ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විසින් තහවුරු කර ඇති බවද ආයතනය වැඩිදුරටත් දන්වා සිටී.