සිනි සමාගම විසින් මෙරට සිනි කර්මාන්තය ඉහළ නැංවිම සදහා පසුගිය කාලය තුලදි ආරම්භකොට තිබු විවිධ ව්‍යාපෘති 11ක්. මුඵමනින්ම අත්හැරදමා තිබු අතර ඒ වෙනුවෙන් වැයකොට තිබු රුපියල් මිලියන 176ක මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
අදාළ ව්‍යාපෘති ආරම්භකොට දැනට වසර 09ත් 13ක් අතර කාලයක් ගතවි තිබුනද එම ව්‍යාපෘති නිමකිරිමට අපොහොසත් වි තිබු අතර සීනි සමාගම විසින් අපේක්ෂා කරණු ලැබු අරමුණු ඉටුකරගැනිමටද නොහැකි වි තිබුණි. නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියාත්මක කර දැනට අත්හැර දමා ඇති ව්‍යාපෘති සදහා සමාගමේ මුදල් වැය කළ පාර්ශවයන් සම්බන්දයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
චන්දන සමරවික්‍රම