සීනි බදු අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ බදු අදාවම අදාල පාර්ශවවලින් අයකරගත යුතු බවට රජයේ විගණාකාධිපතිවරයා ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දන්වා සිටියි.
එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ස්වයං මැදිහත්වීමක් සිදු කිරීම සඳහා පවතින ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා විසින් සීනි බදු සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වය පිළිබඳව කරුණු ඇතුලත්ව ඉදිරිපත් කර ඇති වාර්තාවක් කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අවධානය යොමුකර ඇති බවත් ඇය සඳහන් කරයි.
ඒ අනුව රාජ්‍ය බලය අයුතු ලෙස සහ අත්තනෝමතික ලෙස භාවිත කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩ ඇති බැවින් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබේ.
සීනි බද්දෙන් රජයට අහිමි වූ බදු අදායම මිලියන 16,763ක් බව විගණනයෙක් හෙලිවෙයි (ලිපිය කියවීමට Click) කරන්න - https://bit.ly/37rO86K