සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමටත්, එසේම ශත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග පවරා ගනිමින් කිලෝවක් රුපියල් 275කට අලෙවි කිරීමටත් රජය තීරණය කර තිබේ.
ඒ අනුව සත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග අද (21දා) සිට රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, පවරා ගන්නා සීනි තොග සුපිරි වෙළෙඳ සැල්, ලංකා සතොස සහ සමුපකාර අලෙවි සැල් හරහා පාරිභෝගිකයාට අලෙවි කිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව මින් ඉදිරියට රුපියල් 50 බද්දට යටත්ව ආනයනය කෙරෙන ලබන සීනි සඳහා පාලන මිලක් අවශ්‍ය නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.