දේශීයව නිෂ්පාදනය කරන දුඹුරැ සීනි අලෙවිකර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පැවසීය.
ඒ මහතා පන්වාදෙන්නේ, මෙි වන විටත්, අලෙවිකර ගත නොහැකිව සීනි මෙට්‍රික් ටොන් 6000ක් පමණ, කර්මාන්ත ශාලාව තුල ගබඩාකර තිබෙන බවයි.
“ අපට සීනි කිලෝවක් නිපදවීමට රුපියල් 250 විතර මුදලක් වැයවෙනවා. නමුත් අපෙන් සීනි කිලෝවක් ඉල්ලන්නේ රුපියල්175ක් වගේ මුදලකට.එතනෝල් ලීටරයක් නිශ්පාදනය කරන්න රුපියල් 475- 550 ක්වගේ වියදමක් යනවා. නමුත් අපෙන් එතනෝල් ඉල්ලන්නේ නිෂ්පාදන වියදමටත් අඩුවෙන්, මේ නිසා මෙරට අනෙක් සීනි සමාගම් වගේම අපේ සමාගමත් ඉන්නේ විශාල අර්බුධයක’’
ඇතිමලේ සීනි සමාගමේ පාලන අධිකාරියේ අදහස වී ඇත්තේ, දේශීය සීනි සදහා විශාල බද්දක් පනවා. ආනයනික සුදු සීනි සදහා බදු සහන ලබාදීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි.
“ දේශීයව නිපදවන කරන දුඹුරැ සීනි සදහා රජය සීනි කිලෝවක් සදහා සියයට 18ක බද්ධක් අයකරනවා නමුත් ආනයනික සීනි බද්දෙන් නිදහස්.ඒ වගේම අපේ සීනි අලෙවියෙන් හා එතනෝල් අලෙවියෙන් ලැබෙන ලාභය මත පිලිවෙලින් තවත් සියයට 30ක් සහ සියයට 45ක බද්දක් අය කරනවා.ඊට අමතරව සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දකුත් අපි ගෙවන්න අවශ්‍යයි. ඒ වගේම සෑම මොලැෂස් ටොන් එකකටම රුපියල් 10000ක තව ගෙවීමක් කල යුතුයි. මෙහෙම බදු ගෙවලයි අපි මෙි සමාගම පවත්වාගෙන යන්නේ’’සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ගාමිණී රත්නායක මහතා තවදුරටත් අප සමග මෙම ගැටලුව විස්තර කරමින් පැවසීය.
ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය තුල සේවය කරන සේවකයින් සංඛ්‍යාව 1100 කි. පවතින මෙම අර්බුධයත් සමග මෙම වැඩකරන සේවකයින්ට වැටුප් ගෙවීමද ගැටලුවක් වන බව, සමාගමේ මානව සම්පත් කළමනාකාර ඉසුරු රත්නායක මහතාගේ අදහස වී තිබෙි. ඔහු පවසන්නේ දැනට ගබඩාකර ඇති සීනි තොගය අලෙවිකර නොගතහොත් ඉදිරි මාසයේ සේවක වැටුප් ගෙවීමද අර්බුධයක් බවයි.
ඇතිමලේ සීනි සමාගම යටතේ උක්ගොවියන් 8000ක් පමණ සිටින අතර, ඉන් සේවකයින් පිරිසක්, මෙම ගැටලුවට රජයට මැදිහත් වන ලෙස ඉල්ලා, ඇතිමලේ 05 කනුව ප්‍රදේශයේදි ඊයේ ( 29 ) විරෝධතාවක්ද පවත්වා තිබුණි.
මොණරාගල - නයනජීව බන්ඩාර